Language Switcher

V2025

හොඳටම ගලලා : යාලේ ප්‍රධාන පිවිසුම වහලා !

යාල ජාතික උද්‍යානයේ ප්‍රධාන පිවිසුම අද (09) සිට දින නියමයක් නැතිව වසා ඇති බව වාර්තා වෙයි .

වාර්තා වන ආකාරයට පවතින අධික වැසි තත්වයත් සමඟ යාල වනෝද්‍යානය අද පෙරවරුවේ සිට ජලයෙන් යටවී ඇති අතර ඒ අනුව පාලනාධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත .

යාල වනෝද්‍යාලයේ ප්‍රධන පිවිසුමට පැමිණෙන සියලු මාර්ගය ජලයෙන් යටවී ඇති අතර උද්‍යානය තුළ මාර්ගවලින් අඩක් මේ වන විට ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වෙයි .

එසේම මේ වන විට උද්‍යානය තුළ ඇති සංචාරක නිකේතන 06ක් වසා දමා ඇති බවද සංචාරක නිකේතන දෙකක කොටු වී සිටි සංචාරකයින් පිරිසක් අද පෙරවරුවේදී ආරක්ෂිතව රැගෙන ආ බවද වාර්තා වෙයි .

කෙසේ වුවත් කටගමුව හා ගල්ගේ පිවිසුම් දෙක තවමත් විවෘත කොට තිබෙන බවත් වාර්තා වෙයි .

එමෙන්ම කිරින්ද දෙස සිට යාල උද්‍යානයට පිවිසෙන මාර්ගය මෙන්ම උද්‍යානයට පිවිසෙන යෝදකන්ඩිය හරහා සිතුල්පව්ව මාර්ගයද ජලයෙන් යටවී ඇති බවත් දැනගන්නට ඇත .