ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී පැවැත්වෙන 7 වැනි ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඉන්දියානු සාගර සමුළුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නුවර දී පැවැත්වේ.
ඉන්දීය පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක්වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
