ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළට

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  පවසයි.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ද, රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දැනට අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුස්සන් මෙම වසරේ පළමු කාර්තුව තුළ හඳුනාගැනීමට නියමිත අතර ඉන් පසු ඔවුන්ට ද මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතය.

මේ අතර මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

දැනට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද අවදානමට ලක් වූ කාණ්ඩය සඳහා රුපියල් 5,000ක දීමනාවක් හිමි වන අතර ඉදිරියේදී එම කාණ්ඩ දෙක එක්කොට පවුල් ලක්ෂ 8ක පිරිස එකම අවදානමට ලක් වූ කාණ්ඩය සේ සලකා රුපියල් 5,000ක දීමනාවක් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ස ඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න