රාජිත ,ෆොනී , චම්පික : එක මොහොතින් සජබ අවුල් කරලා !

රාජිත ,ෆොනී , චම්පික : එක මොහොතින් සජබ අවුල් කරලා !

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමේදී සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුව වර්ජනය කළත් , සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න , කුමාර වෙල්ගම, AHM ෆවුසි, ඉෂාක් රහුමාන්, එච්. එම්. එම්. හාරිස්, ෆයිසාල් කාසිම් , වඩුවේල් සුරේෂ් වගේ පිරිසක් එම තීරණයෙන් ප්‍රතික්ෂේප කරමින් සභා ගැබේ රැදී හිටියා.

නැගිටලා ගිය අය වගේම වැඩිවෙලා හිටපු අයත් තම තමන්ගේ ස්ථාවරේ පැහැදිලි කරමින් හිටු කියලා මේ වෙනකොට වොයිස්කට් දෙන්න පටන් අරන්..

'' රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරමින් ඉන්නේ තමන් නියෝජනය කරන කණ්ඩායමේ වැඩපිළිවෙළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න කියනවා.

අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින්නේද තමන් නියෝජනය කරන වැඩපිළිවෙළ තුළ බව රාජිත කියනවා. එම වැඩපිළිවෙළ ඉදිරිපත් කරන්නේ සජිත් ප්‍රේමදාස ද ? රනිල් වික්‍රමසිංහ ද ? කියන එක සුළු කාරණාවක් කියලයි රාජිත කියන්නේ..

රාජාසන කතාව අවසන් කිරීමෙන් පස්සේ ජනාධිපතිවරයා , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග තේ පැන් සාදයට සහභාගී වෙලා තිබුනා. ඒ තේ පැන් සංග්‍රහයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සහභාගී වූ නමුත්, විපක්ෂ මන්ත්‍රීවරු පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබුණේ නෑ .

ඒ තේ පැන් සංග්‍රහයෙන් පස්සේ ජනාධිපති රනිල් කෙලින්ම ගිහින් තිබුනේ, පාර්ලිමේන්තුව ඇතුලේ තියන ජනාධිපති කාර්‍යාලය ට. ජනාධිපතිගේ පස්සෙන් සජබ සභාපති සරත් ෆොන්සේකාත් ඇවිත්.. දෙන්නා තනියම පැය භාගයක් විතර කතා කර කර ඉඳලා . ඒ දෙන්නා මොනවා කතාකර ගත්තද කියල දැනගන්න නෑ ..

කොහොම වුනත් සජබේ සමහරු නම් කියන්නේ, ෆොන්සේකා පෞද්ගලික උවමනාවකට ජනාධිපති හම්බවෙන්න ගිහින් කියලා .

ඒ කතාවේ ඇත්ත බොරු මොනවා වුනත්, ඊයේ හවස විපක්ෂයේ කණ්ඩායම් අතරේ තවත් අවුලක් ඇතිවෙලා.

ජනාධිපතිවරයා 7 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය අද (8 ) සහ හෙට (09) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිගේ කතාව අහගෙන සභාගැබට වෙලා හිටපු කිසිම මන්ත්‍රී කෙනෙකුට මේ විවාදේ දී, සජබ වේලාවෙන් ඉඩක් දෙන්න එපා කියලා , විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල දැනුම්දීමක් කරලා. ඒ කියන්නේ රාජිත, ෆොන්සේකා, චම්පික, වෙල්ගම වගේ මන්ත්‍රී ලට කතාකරන්න වෙලාව දෙන්න එපා කියලා.

ඔය කතාව ආරංචි වෙලා චම්පිකට මළ පැනලා. '' ඔය සජිත් මහත්තයට කියන්න අපි එයාගේ තාත්තත් එක්කත් හැප්පිච්ච මිනිස්සු.. එදා ලොකු ප්‍රේමදාසට බයවෙච්ච නැති අපි, පොඩි ප්‍රේමදාසට කොහොමත් බය නෑ . කතාකරන්න ඕන නම් පාර්ලිමේන්තුවේ දොරවල් කඩාගෙන හරි ඇවිත් කතාකරන හැටි දන්නවා. ඒ නිසා එයාට වැඩිය දඟලන්න එපා කියන්න. '' - චම්පික ඔය විදියට කිරිඇල්ලගේ කන පිරෙන්න දීලා ඇරලා කියලයි ආරංචි.

කොහොම නමුත් නායකයකු ලෙස සජිත් ගේ දුර්වලතා එන්න එන්නම කැපී පේන්න අරගෙන. කිහිපදෙනෙක් එකතු වෙලා සැර දේශපාලන ගේමක් ගහලා, සජිත්ව පක්ෂ නායකයෙක් කළාට මොකද , ඒ හදලා දුන්න තැන රැකගන්න සජිත් අසමත්ව ඇති බව මේ හරහා පෙන්නුම් කරනවා.

  • දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න