ලෝක බැංකු නියෝජිතයින් විදුලිබල ඇමති හමුවෙයි

ලෝක බැංකු නියෝජිතයින් විදුලිබල ඇමති හමුවෙයි

ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රේසර්ගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණි සාකච්ඡාවකට සහභාගි වී තිබේ.

දැනට ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම, ඉන්දියාව සමග විදුලිබල පද්ධති ඒකාබද්ධ කිරීම , පුනර්ජනනීය බලශක්ති සංකලන ව්‍යුහය නිර්මාණය කිරීම , බලශක්ති කාර්යක්ෂමතාව සහ අක්වෙරළ සුලං විදුලිබල උත්පාදනය වැනි වැඩසටහන් සඳහා ලෝක බැංකුව සහය හා මාර්ගෝපදේශකත්වය සපයනු ලැබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයට ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් ලෝක බැංකු දූත පිරිසට අමාත්‍යවරයා සිය ස්තුතිය පලකල අතර විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම කඩිනම් කිරීමට, ශක්තිමත් කිරීමට සහ වැඩිදියුණු කිරීමට ගතහැකි පියවර ගැන මෙන්ම පුනර්ජනනීය බලශක්ති සංකලනය හා බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් යටිතල පහසුකම් නිර්මාණය සම්බන්ධයෙන් තව දුරටත් සහය ලබා ගැනීම වෙනුවෙන් ඔවුන් සමග සාකච්ඡා කර ඇත.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ෆාරිස් හැඩඩ් සර්වොස්, යටිතල පහසුකම් පිලිබද කලාපීය අධ්‍යක්ෂ පන්කජ් ගුප්තා, ලෝක බැංකු මෙරට කළමණාකාර චියෝ කන්ඩා, ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ මෙරට කළමනාකරු අලෙජන්ඩ්‍රො අල්වාරිස්, ලෝක බැංකු පුහුණු කළමණාකාරු සයිමන් ස්ටෝල්ප්, කලාපීය සම්බන්ධීකාරක සස්චා ඩ්ජුමිනා, සහ ජේෂ්ඨ බලශක්ති විශේෂඥජාරි වේය්නාන් මේ හමුවට එක්විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න