ජනපති හා ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය අතර හමුවක්

ජනපති හා ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය අතර හමුවක්

ඉන්දියා පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාවේ සංචාරයට එක්ව සිටින අතර හත්වන ඉන්දීය සාගර සමුළුව අද (පෙබ. 9) සහ හෙට (පෙබ. 10) ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වීමට නියමිත ය.

“ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුවේ ප්‍රධාන දේශනය ජනාධිපතිවරයා සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර, ජනාධිපතිවරයා සහ බටහිර ඔස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් අතර හමුවක් ද ඉන්දීය සාගර සමුළුවට සමගාමීව අද පර්ත් නුවරදී සිදුවී තිබිණි.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව සහ බටහිර ඔස්ට්‍රේලියාව අතර පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රයන්ට අදාළ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන් ම ශ්‍රී ලංකාව සහ පර්ත් නුවර අතර ඍජු ගුවන් සේවා සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රොජර් කුක් මෙහිදී සිය කැමැත්ත පළ කර ඇති බව ය.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින විභවයන් පිළිබඳ විස්තර කරමින් ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා මෙම ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කරන ලෙස බටහිර ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා වෙත ආරාධනා කළ බව ය.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව පවතින ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතාට ඇරයුම් කළ බව ජනාධිපති ඒකකය වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න