ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් හමුව නැරඹීමට ශිෂ්‍යාවන් පිරිසකට අවස්ථාව !

ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් හමුව නැරඹීමට ශිෂ්‍යාවන් පිරිසකට අවස්ථාව !

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.

රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය ස්තූතිය පිරිනැමුවාය.{gallery}Student Parliamentarian{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න