වතු ජනතාවට නිවාස 1,300ක්

වතු ජනතාවට නිවාස 1,300ක්

භාරත – ලංකා නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 1,300ක් ඉදිකිරිමේ කටයුතු අද (පෙබ. 19) නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පිහිටි වතු 45කට නිවාස 50 බැගින් නිවාස ඉදි කිරීම් කටයුතු ආරම්භ කර තිබේ.

ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර මත ඉදි කරන මෙම නිවාස සඳහා ඉන්දියානු රජයෙන් රුපියල් ලක්ෂ විසිඅටහමාරක ප්‍රතිපාදන ලබා දෙන අතර මෙරට රජයෙන් එක් නිවසක් ඉදි කිරීම සඳහා පර්චස් 10ක ඉඩමක්, පානීය ජලය සහ විදුලිය ඇතුළු මංමාවත් ලබා දීම සිදු කරනු ලබයි.

පර්චස් 10ක ඉඩමක ඉදි කරන මෙම එක් නිවසක විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ සනීපාරක්ෂක පද්ධතියකින් සමන්විත වර්ග අඩි 550ක නිවසක් වන අතර, මෙම නිවාසලාභීන්ට ලබා දෙන නිවස තවත් පුළුල් කර ගැනිමට අවස්ථාව ලබා දී තිබේ.

වතුකරයේ නිවාස නොමැති වතු කම්කරුවන් වෙනුවෙන් ඉන්දියානු රජය මගින් මෙම නිවාස වැවිලි මානව සංවර්ධන භාරය හරහා ඉදි කිරිම් කටයුතු සිදු කරනු ලබයි.

එම නිවාස යෝජනා ක්‍රමයට අනුව ලක්ෂපාන, වාලමලේ වතුයායේ වතු නිවාස පනහක් ඉදිකිරීමේ කටයුතු ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කනපති කනගරාජ්ගේ ප්‍රධානත්වයෙන් අද දින ආරම්භ කළ අතර ඒ සඳහා ලක්ෂපාන වතුයායේ වතු අධිකාරි කුෂාන් හේරත් ඇතුළු වතු කම්කරුවන් විශාල පිරිසක් සහභාගී වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න