කොටකෙතන ‘දාම ඝාතකයාට’ මරණ දඬුවම

කොටකෙතන ‘දාම ඝාතකයාට’ මරණ දඬුවම

රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී කාන්තාවන් ඝාතනය කිරීමේ සිද්ධි දාමයක පුරුකක් වූ 2012 වසරේ ජූලි 19 වන දා මවක හා දියණියක මරා දැමීමේ හා දියණිය දූෂණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඊයේ (පෙබ. 19) මරණ දඬුවම නියම කර තිබේ.

මෙසේ මරණ දඬුවම නියම වී ඇත්තේ, කොටකෙතන ප්‍රදේශයේ 35 හැවිරිදි අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ්මන් නමැති පුද්ගලයෙකුට ය.

මහාධිකරණයේ ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකා ද, දැල්වෙමින් තිබු විදුලි බුබුළු ද නිවා දමා විත්තිකරුට පැනවූ මරණ දඬුවම ප්‍රකාශයට පත් කළ විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට නියම කළා ය.

මෙම චූදිතයාට එල්ල කර තිබූ අධිචෝදනා තුනෙන් දෙකකට වරදකරු බවට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අද මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඩී.එන්.ඒ. තාක්ෂ­ණය යොදා ගනි­මින් සාක්ෂි මෙහෙ­ය­ව­මින් සිදු කළ මෙම නඩු විභා­ග­යේදී විත්ති­ක­රුට එරෙ­හිව සාධා­රණ සැක­යෙන් තොරව සාක්ෂි මඟින් චෝදනා ඔප්පු කර ඇතැයි සඳ­හන් කර­මින් පිටු 147කින් යුතු නඩුවේ තීන්දුව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය ප්‍රකා­ශ­යට පත් කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න