වෛද්‍ය සමන් රත්නායක රිමාන්ඩ්

වෛද්‍ය සමන් රත්නායක රිමාන්ඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ලබන 14 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද අධිකරණය අද නියෝග කළේය.

ඒ, සැකකාර අතිරේක ලේකම්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. ඒ, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට අනුවයි.

පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබිය.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් 7 දෙනෙකු මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාරගතව සිටියි.

ඒ, අතර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ද වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න