Language Switcher

V2025

නව තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරයෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (12) පෙරවරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

තායිලන්ත රාජධානියේ නව තානාපතිවරයා ලෙස පත්ව පැමිණි පයිටූන් මහපන්නපෝන් (H. E. Paitoon Mahapannaporn)  සහ පාකිස්ථානු ඉස්ලාමීය ජනරජයේ නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරල් ෆාහිම් උල් අසීස් (H.E. Major General (R) Faheem Ul Aziz, HI (M))  මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දුන්හ.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

02