ජනපතිගේ පණිවිඩයක් රැගෙන රතන හිමි බැසිල් හමුවේ

ජනපතිගේ පණිවිඩයක් රැගෙන රතන හිමි බැසිල් හමුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවිඩයක් දැනුම් දීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ (පොහොට්ටුව) ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබේ.

රතන හිමියන් සමග මෙම හමුව සදහා සෙමා ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතාද සහභාගී වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රි.ල.නි.ප. පක්ෂය පාවා දීමට කටයුතු කළ හොත් ඉදිරියේදී නරක කලදසාවක් උදාවීමට ඉඩ ඇති වේ යැයි රතන හිමියෝ බැසිල් රජපක්ෂ  මහතාට දැනුම් දී ඇත.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා ප්‍රසන්න රණතුංග මහතාගෙන් නොවිමසා යළි සාම සාකච්ඡා පැවැත්වීම සදහා තමාට තනි තීරණයක් ගත නොහැකි බවයි.

කෙසේ වෙතත් හෙට දිනයේ ඔවුන් දෙදෙනා හමුවී සාකච්ඡා කර තීන්දුවක් ලබා දෙන බව බැසිල් රාජපක්ෂ මහතා අතුරලියේ රතන හිමියන් හට පවසා තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න