එකතු කළ අගය මත බදු (වැට්) 15% සිට 18% දක්වා වැඩි කිරීමට අදාල එකතු කල අගය මත බදු පනත යටතේ නියෝගය වැඩි ඡන්ද 36කින් පාර්ලිමේන්තුවේදී අද (02) පස්වරුවේ සම්මතවිය.
එම නියෝගයට පක්ෂව ඡන්ද 55ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි.
එම නියෝගය අනුමත කිරීමට සලකා බැලුණු අවස්ථාවේදී ඊට විරුද්ධ යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මුලසුනට දැනුම් දුන්නේය.
නියෝගය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.
මෙයට අමතරව බැංකු සංශෝධන පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නියෝගද මෙහිදී සම්මත විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
