රුපියල (LKR) ලෝකයේ නැගී එන වෙළෙඳපොළ  අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වයි - බ්ලූම්බර්ග් 

රුපියල (LKR) ලෝකයේ නැගී එන වෙළෙඳපොළ  අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වයි - බ්ලූම්බර්ග් 

2024 වසරේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා රුපියල (LKR) ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත් වී ඇත.

මේ බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කෙටි පණිවිඩයක් තබා ඇති අතර ඊට අනුව රුපියල මෙම වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

මේ බව සඳහන් මූලාශ්‍රය වී ඇත්තේ බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මූල්‍ය වෙළෙඳ පොළ විශ්ලේෂකයන් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට යාම හමුවේ ශ්‍රී ලංකා රුපියල මෙම තත්ත්වය අත්කර ගෙන ඇති බවය.

කෙසේ වුවත් යම් ආකාරයකට වත්මන් වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට නොගියහොත් මේ තත්ත්වය වෙනස් වන බවත් පූර්ණ ආර්ථික ස්ථායිතාවක් ඇතිකර ගැනීමට නම් වත්මන් වැඩපිළිවෙළ සාර්ථක ලෙස ඉදිරියට යායුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න