ලාංකික කාන්තාවක් ඉන්දීය මහ මැතිවරණයේදී ජන්දය දාලා !

ලාංකික කාන්තාවක් ඉන්දීය මහ මැතිවරණයේදී ජන්දය දාලා !

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කර ඇත .

ඒ සමඟ ඇය ඉන්දීය මහ මැතිවරණයකදී සිය ඡන්දය භාවිත කළ පළමු ශ්‍රී ලාංකික සරණාගතයාව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට , කේ. නාලිනී 1986 වසරේදී මන්දපම්හි පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකදී උපත ලබා ඇත. ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ලෙස සේවය කර ඇති අතර පසුව සරණාගතයින් ලෙස ඔවුන් ඉන්දියාවට පැමිණ තිබේ.

2022 වසරේදී ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මදුරාසි මහාධිකරණයට නාලිනී පෙත්සමක් ගොනු කර ඇති අතර එම නඩුවේදී තමන් ඉන්දීය පුරවැසියෙක් බවට අධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීමට නාලිනීට හැකියාව ලැබී ඇත.

ඒ කේ.නාලිනී 1987 වසරට පෙර උපත ලබා තිබීම හේතුවෙන් ය. 1950 සිට 1987 වසර දක්වා සරණාගත කඳවුරුවලදී උපත ලැබූ පිරිසට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරට රජය ගත් තීරණය මෙහිදී බලපා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න