පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි

පාස්කු ප්‍රහාරයට වසර 5ක් සපිරෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ.

ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි.

ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි.

2019 වසරේ අප්‍රේල් මස 21වන දින පාස්කු ඉරුදිනයේ අන්තවාදීන් කණ්ඩායමක් විසින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුලු ස්ථාන 6කට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබීය.

මෙම ප්‍රහාරයට පස්වසරක් ගත වීම නිමිත්තෙන් සිහිකිරීම් වැඩසටහන් මාලාව සංවිධානය කර ඇත්තේ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ ඉලක්කය බවට පත් වු කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය සහ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය කේන්ද්‍ර කර ගනිමිනි.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පැවසුවේ, දේවස්ථානවල පැවැත්වෙන සැමරුම් සඳහා ආරක්ෂාව ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

''පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා තාම කවුරුත් කියලා නෑ. හැබැයි ඒක මම දන්නවා.'' යයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න