දකුණේ ආණ්ඩුකාර විලී ඉල්ලා අස්වෙයි : පුරප්පාඩුව ලක්ෂ්මන් ට ?

දකුණේ ආණ්ඩුකාර විලී ඉල්ලා අස්වෙයි : පුරප්පාඩුව  ලක්ෂ්මන් ට ?

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව එළැඹෙන මැයි මස 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බවත් වාර්තා වෙයි.

මෙලෙස ඉල්ලා අස්වී තිබෙන විලී ගමගේ පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ගේ අතිශය සමීපතමයකු වෙයි.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි. දකුණු පළාත නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු විසින් මේ ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙතින් සිදුකර ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි . මේ වන විට ලක්ෂ්මන් යාපා අබේවර්ධන වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කරයි.

මේ අතර අද (21) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මේ වනවිට නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර ඒ වාරණයට ලක්වූ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් අද පැවති විධායක කමිටු රැස්වීමෙන් පසු කණ්ඩායමක් එම මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න