වැඩි කළ වැටුප නොගෙවන වතු සමාගම්වල ගිවිසුම් අහෝසියි !

වැඩි කළ වැටුප නොගෙවන වතු සමාගම්වල ගිවිසුම් අහෝසියි !

වතු සේවක වැටුප් වැඩි වීම ස්ථීර නිසා ඒ සඳහා එකඟ නොවන රජය සමග ගිවිසුම්ගත වූ වතු සමාගම්වල ගිවිසුම් අහෝසි කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ ය.

වතු සේවකයන්ගේ වැටුප් වැඩි වීමට අදාළ ගැසට් පත්‍රයට අමතරව ක්‍රියාත්මක ගැසට් පත්‍රයක් ඉකුත් 21 වන දා නිකුත් වූ බව ද ඒ අනුව එදින සිටම ක්‍රියාත්මක වන පරිදි වතු සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා වැඩි වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

විශේෂ දීමනාවක් ලෙස ලබාදෙන රුපියල් 350ක මුදල සමග රුපියල් 1700 කින් වතු සේවක වැටුප ඉහළ නැංවීම ස්ථීර වශයෙන් ම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

රජය සතු වැවිලි ඉඩම් බදු ගත් වැවිලි සමාගම් 24ක් පමණ ඇති බව ද ඒ අතරින් යම් අයෙකු මෙම වැඩි කළ මුදල ගෙවීමට නොහැකි බව පවසන්නේ නම් මුදල් අමාත්‍යංශය ඒ බව සොයා බැලීමට කමිටුවක් පත්කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

1995 වසරේ පටන් වතු බදු ගත් කණ්ඩායමකට මෙවැනි වැටුපක් ගෙවා ගැනීමට නොහැකි නම් ඊට හේතුව බාහිර ගැටලු ද නොඑසේ නම් එසේ සිදුවන්නේ ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලු නිසා ද යන්න සොයා බැලීම මෙම කමිටුව මගින් මූලිකව සිදුවන බව ද ඔහු පැවසීය.

ඒ අනුව, වතු සේවකයන්ට ජීවත්වීමට හැකි පරිදි වැඩි කළ වැටුප ගෙවා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ අභ්‍යන්තර ගැටලුවක් නම් එම සමාගම් සමග ඇති බදු ගිවිසුම් අහෝසි කර නව ආයෝජකයන්ට මෙම වතු ලබාදීමට රජය සූදානමින් සිටින බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න