IT විෂය හදාරන සිසුන්ගේ ශිෂ්‍යත්ව වැඩසටහනට ජුනි 7ට පෙර අයදුම් කරන්න !

IT විෂය හදාරන සිසුන්ගේ ශිෂ්‍යත්ව වැඩසටහනට ජුනි 7ට පෙර අයදුම් කරන්න !

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනැමෙන ශිෂ්‍යත්ව වැඩසටහන – 2024/2025 සඳහා අයදුම්පත් භාර ගැනීම ජුනි මස 07 වන දා දක්වා දීර්ඝ කර ඇත.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිත බැවින් සුදුසුකම් සම්පූර්ණ කර ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර එදිනට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයද, පන්තිභාර ආචාර්යවරයාගේ, පාසලේ විදුහල්පතිගේ හා කලාප අධ්‍යක්ෂකගේ නිර්දේශයද සහිතව ලේකම්, ජනාධිපති අරමුදල, අංක 35, තුන්වන මහල, ලේක්හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පමණක් යොමු කළ යුතු වේ.

ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි අදාළ ශිෂ්‍යත්ව වැඩසටහනේ නම සහ පාසල අයත් අධ්‍යාපන කලාපයේ නමද සඳහන් කළ යුතුය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි අයදුම්පත් භාර ගැනීම මැයි මස 22 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් , පසුගිය දින කිහිපය තුළ පැවති විවිධ පරිපාලන ගැටළු සහ පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි වූ සිසුන් විශාල සංඛ්‍යාවකගේ ඉල්ලීම මත මෙම දීර්ඝ කිරීම සිදු කර තිබේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න