වස නින්දාවයි : රට්ටු රවට්ටන්න ගිහින් සජිතුත් රැවටිලා !

වස නින්දාවයි : රට්ටු රවට්ටන්න ගිහින් සජිතුත් රැවටිලා !

සමගි ජනබලවේගය විසින් පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් බව පවසමින් ගොඩ වූ පුද්ගලයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් බව අනාවරණය වී තිබේ.

සජිත් ප්‍රේමදාස ට සහාය දෙන බව පවසමින් එසේ වේදිකාවට ගොඩවී ඇති සමන් බණ්ඩාර නම් මේ තැනැත්තා ජවිපෙ පොළොන්නරුව නගර සභා අපේක්ෂකයකු යැයි පැවසුවත් ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ද මන්නාරම් ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී කියා සිටියේ සමගි ජන බලවේගයට එක් වූ පුද්ගලයා තම පක්‍ෂයේ අයෙකු නොවන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත් ජනාධිපති කිරීමට සෑම දේශපාලන පක්ෂයකම පිරිස එක්වන බව රටට පෙන්වීමට ගොස් අවසානයේ සජිත්ම රැවටී ඇති බව තහවුරු වී ඇති බව යි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න