නව සන්ධානයේ පළමු රැළියට අති විශාල ජනකායක් !

නව සන්ධානයේ පළමු රැළියට අති විශාල ජනකායක් !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබූ මංගල ජන රැළිය අද (08) පස්වරුවේ  හම්බන්තොට අම්බලන්තොට නගරයේදී පැවැත්විණ .

“එක්ව පෙරට – දිනුම රටට” යන තේමාව යටතේ ඇරඹි මෙම  ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර  විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා විශාල ජන සහභාගීත්වයක් තිබීමද කැපී පෙනුණි.

නව සන්ධාන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග පැවති මංගල ජන රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 ක් සහභාගි වී සිටීම විශේෂත්වයකි.

ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකින් යුතු පුූළුල් සන්ධානයක් ගොඩනගන බව සන්ධාන නයකයින් එහිදී  ප්‍රකාශ කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ජෝන් සෙනවිරත්න, චාමර සම්පත් දසනායක, සූරේන් රාඝවන්, උදයකාන්ත ගුණතිලක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, එස්.එස්. මුසාරෆ්, අලි සබ්‍රි රහීම්, නිමල් පියතිස්ස, ප්‍රමනාත් සී දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල, යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න