ආණ්ඩුව ප්‍රමුඛ වතු කම්කරුවන් වැටුප් සටන දිනයි !

ආණ්ඩුව ප්‍රමුඛ වතු කම්කරුවන් වැටුප් සටන දිනයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත  ගැසට් කළ වතු කම්කරු රුපියල් 1700 ක දෛනික  වැටුප 1,700ක්  මුල් වරට ලබාදීම අද (10) සිදු කෙරුණි.

ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය.

ජනාධිපති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පසුගිය අප්‍රේල් මස 30 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් රුපියල් 1,000ක් ලෙස  පැවති වතු කම්කරු දෛනික සම්පූර්ණ වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කෙරිණ .

රජයේ මේ තීරණය  සම්බන්ධයෙන් ලංකා වැවිලි සමාගම සහ වතු හාම්පුතුන්ගේ සංගමය දිගින් දිගටම  එවැනි වැටුප් වැඩි කිරීමකට එකඟනොවන බව පවසා සිටියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව සිය තීරණය  සංශෝධනය කළේ නැත.

මෙවන් පසුබිමක මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගම රජයේ තීරණය ප්‍රකාරව වතු කම්කරුවන් සඳහා වැඩිකළ වැටුප් ලබාදීමට අද පියවර ගත්තේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න