කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි !

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි !

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත කෙරිණ.

මෙම පනත් කෙටුම්පත 2024 මැයි මස 7 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජුනි 4 වනදා පවත්වා කල්තබා තිබිණ.

ඒ අනුව එම විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වුණි.

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින්  කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සපයා ඇත.

එසේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන මෙම නව පනත මගින් ලබාදී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

මේ අතර යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පතද  (දෙවැනිවර කියවීම) අද විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. 

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු අනුෂංගික කාරණා සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න