ෆොනීගෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක් !

ෆොනීගෙන් සජිත්ට දැඩි ප්‍රහාරයක් !

තමන් මීට දින තුනකට පෙර පාර්ලිමේන්තුව ඇමතීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙතින් වෙලාවක් ඉල්ලූ විට, තමන්ට අවස්ථාව නොදෙන ලෙස උපදෙස් දී ඇති බව සඳහන් වූ බවත් අද දිනයේද තමන් පාර්ලිමේන්තුව අමතන්නේ ආණ්ඩුවේ වෙලාව ලබාගෙන බවත් සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය .

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දැඩි විවේචනයක් එල්ල කළ බවක් ද පෙන්නුම් කෙරුණු අතර පක්ෂ නායකයකු වූ පමණින්  හෝ තාත්තා ජනාධිපති වී සිටි පමණින්  රට බාර දුන්නොත් නැවතත් රට අගාධයට යන බවද පැවසීය .

‍‍‍‍අරෙහෙ මෙහේ ගිහින් බඩු බෙදා කයිවාරු ගහන්නන්ට රටවල් පාලනය කරන්නට හැකියාවක් නැති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
මෙවරවත් රටට හරි නායකයකු තෝරා ගත යුතුව තිබෙන බවද ඔහු අවධාරණය කර සිටියේය .

පක්ෂවල ප්‍රබලයන් යැයි කියන අය සියයට 50ක් දූෂිත බව කී මන්ත්‍රීවරයා  තවත් සමහර අයට කිසිම දැක්මක් නැති බවද සඳහන් කළේය.

එම නිසා පාලකයා තෝරා ගැනීමේදී ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවත්  එසේ නොවුනහොත් රට නැවත ගොඩ ගත නොහැකි තරම් අගාධයක වැටෙන බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩිදුරටත්  පැවසීය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න