69 ලක්ෂයේ අප්පොච්චි වෙන්න ගිය නඩේට  සුගීෂ්වර හොඳවායින් අමතයි !

69 ලක්ෂයේ අප්පොච්චි වෙන්න ගිය නඩේට  සුගීෂ්වර හොඳවායින් අමතයි !

එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ජීවිතය අනතුරේ වැටී සිටියදී හිත හදන්න වචනයක් කියන්න නොපැමිණි පුද්ගලයන් අද 69 ලක්ෂයේ ජන වරම රකින්නට කතා කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර චෝදනා කරයි.

හිටපු ජාතිකවාදී නායකයා පන්නන්න වැඩකළ උදවිය අද ජාතිකවාදී නායකයකු ගෙනෙන බව පැවසීම රට්ටු හිනස්සන කතාවක් බවද ඔහු පැවසීය .

කළුතර පැවති ජනහමුවකදී අදහස් දක්වමින් සුගීෂ්වර බණ්ඩාර මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

එදා ගෝඨාභය ජනාධිපතිතුමාගේ මිරිහානේ නිවස අසළ සිදුවීම වෙලාවේ පසුගිය දවසක නුගේගොඩ රැළියේ කෑ මොර දුන්නු එක අයිය කෙනෙකුට මං කතා කරා,  ඒ අයියා කිව්වා ඔව් මල්ලි මං දන්නවා සිද්ධිය කියලා, මම කිව්වා ඔයා පොඩ්ඩක් කතා කරලා හිත හදන්න කියලා. ඇවිල්ලා යන්න එන්න කියලා, මේ යෝධයා මාර කතාවක් කියනවා. අපෝ බෑ මල්ලි මං ඔතනට ආවොත් මගේ ෆොටෝ එහේ මෙහේ ගියොත් හිතයි මං මේ ඩීල්කාරයෙක් කියලා කිව්වා. අන්න එහෙමයි එදා ඔය ජාතිකවාදී දේශප්‍රේමියෝ ටික කටයුතු කළේ. මේ අයියලගේ කුමන්ත්‍රණය තේරුම් ගත්ත මොහොතෙම එදා ගෝඨාභය ජනාධිපතිතුමා කැබිනට් අමාත්‍යධුර වලින් ඉවත් කරලා දැම්මේ ඒකයි.

එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජීවිත අනතුරකට ලක්වෙලා හිටපු වෙලාවේ ඒකට එක වචනයක් කියන්න බැරි පුද්ගලයෝ අද ගිහිල්ල කියනවා හැට නම ලක්ෂයේ ජනවරම රකිනවා කියලා. ඒ හින්දා ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජනවරම රකින්න කවුරුත් ඇවිල්ලා රැස්වීම් තියන්න ඕන නෑ. අපිට හිටපු හොදම දේශප්‍රේමී, ජාතිකවාදී නායකයා වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පන්නන තැනට පත්කරලා , දැන් කියනවා අපි අලුත් ජාතිකවාදී නායකයෙක් ගේනවා කියලා, අපිට කියන්න තියෙන්නේ මේවා රට්ටු හිනස්සන විහිළු කතා, අපි පැහැදිලිවට කියනවා හැටනම ලක්ෂේ ජනවරම නිසි තැනට යනවා ජනතා අභිලාෂයන් එක මොහොතෙන් ඉටුවෙන්නේ නෑ දවසින් දවස ඉටුවේවි.

හැමදාම වගේම වේදකා හදාගෙන ඉන්දියන්, ඇමරිකන් බිල්ලෝ මවන බිස්නස් එක ඔවුන් අදත් ලස්සනට කරන බව පේනවා. සිංහ කොඩිය පපුවේ ගහගත්ත බොරු දේශප්‍රේමීන්ට නැවතත් අපේ ජනතාව රැවටෙයි කියලා මම හිතන්නේ නෑ.

ඒ නිසා අද අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රචණ්ඩත්වය පාලනය කරලා ජාත්‍යන්තරය කළමනාකරණය කරන්න පුළුවන්, ලෝක බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, ආයෝජන රටට ගෙනැල්ලා රට ගොඩදාන්න පුළුවන් නායකයෙක්, ඒක නිසා තමයි අද අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි මේ වෙලාවේ සිටින හොදම විකල්පය යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා......

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න