දයාසිරි මහ පාරේ වැඩ බාරගෙන !

දයාසිරි මහ පාරේ වැඩ බාරගෙන !

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ සිට අද (05) එම පක්‍ෂයේ මහ ලේකම් ධුරයේ වැඩ භාර ගත්තේය.

ඒ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමේ දොරටුව අගුළු දමා වසා දමා තිබූ නිසාය.

එසේම වාර්තාකරුවන් සඳහන් කර සිටියේ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය අසළට පොලිසියද කැඳවා තිබූ බවයි.

මීට පෙර ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ශ්‍රීලනිප මහ ලේකම් ධුරය ඉසිළුවත් හිටපු ජනාධිපති මෛත්‍රීඵල සිරිසේන විසින් ඔහුව එම ධූරයෙන් ඉවත් කරනු ලැබිණ. ඒ සම්බන්ධව පැවති නඩු විභාගයේදී පසුගියදා තීන්දු කෙරුණේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මහ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ගෙන තිබු තීරණය වළකාලමින් කොළඹ දිසා අධිකරණය විසින් වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටය.

නමුත් ඒ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල සිරිපාල ද සිල්වා ගේ පාර්ශව විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ මහ ලේකම් ධුරය යළිත් අත්හිටුවන ලදී.

මේ සම්බන්ධව ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දයාසිරි මන්ත්‍රීවරයා පවසා සිටියේ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්වය විසින් ගෙන ඇති තීරණය තමන් නොපිළිගන්නා බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න