ජනාධිපතිට සහාය දෙන්නේ ණය නිසා හෝ බය නිසා නෙවෙයි : රට වෙනුවෙන් - බැසිල් 

ජනාධිපතිට සහාය දෙන්නේ ණය නිසා හෝ බය නිසා නෙවෙයි : රට වෙනුවෙන් - බැසිල් 

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බවත් එසේ කරන්නේ වෙන ජනාධිපතිවරයාට ඇති ණයක් නිසා හෝ බයක් නිසා නොවන බවත්  පොදුජන පෙරමුණේ නිර්මාතෘ  බැසිල් රාජපක්ෂ පැවසීය.

පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල් වික්‍රමසිංහට  බව තීරණය කළ බව පැවසූ බැසිල් රාජපක්ෂ  අද දක්වා ඒ සහයෝගය ඉදිරියටත් දක්වන බවද සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, පොදුජන පෙරමුණේ කැඳවුම්කරු  පාර්ලිමේන්තු මන්ත්‍රී , රෝහිත අබේගුණවර්ධන  දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන්  ජාතික මෙහෙවරක රෝහිත සලකුණ සැමරුම් උළෙලට සහභාගී වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (06) කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගණයේදී  මේ උත්සවය පැවැත්වුණි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා  ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ඇතුළු අති විශාල පිරිසක් මීට සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න