විරෝධතා මර්ධනයට කරපටි නොමැති පොලිස්‌ සුනඛයන්!

විරෝධතා මර්ධනයට කරපටි නොමැති පොලිස්‌ සුනඛයන්!

නීතිවිරෝධී අන්දමින් සිදුකරන මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස්‌ සුනඛයන් පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස්‌ කර එම පෙළපාලිවලට යවන බව පොලිස්‌ ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ.

මෙසේ කරපටිය නිදහස්‌ කර ඉදිරියට යවන පොලිස්‌ සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස්‌ බිරීමට පුරුදු කරන අතර යම් හෙයකින් එම පොලිස්‌ සුනඛයාට කිසිවකු ගල්මුල්වලින් පහරදීමට උත්සාහ ගන්නේ නම් එම පුද්ගලයා හෝ පුද්ගලයන්ගේ කලිසමෙන් අල්ලාගැනීම සඳහා සුනඛයන් ක්‍රියා කරන බව පොලිසිය කියයි.

මෙම සුනඛයන් කොටස්‌ වශයෙන් මේ සඳහා පුහුණු කරන බව කී පොලිස්‌ නිලධාරියා මෙම සුනඛයන් 160 දෙනකු මේ සඳහා මනාව පුහුණු කර අදාළ සුනඛයාගේ පුහුණුව අනුව ඌට බලපත්‍රයක්‌ නිකුත් කරන බව පොලිසිය කියයි.

(දිවයින)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න