දළ පූට්ටුවාගේ දළ ගනුදෙනුව සිදු වූ පන්සලේ හිමිනම අතුරුදන්

දළ පූට්ටුවාගේ දළ ගනුදෙනුව සිදු වූ පන්සලේ හිමිනම අතුරුදන්
ගල්ගමුව දළ පූට්ටුවාගේ ඇත් දළ ගනුදෙනුව සිදුවූ පොල්පිතිගම නාගල රජමහා විහාරාධිපති හිමියෝ දින කිහිපයක් තිස්සේ එම විහාරස්ථානයෙන් අතුරුදන්වී සිටිති.
 
එහි විහාරාධිපති හිමියන් දින කිහිපයකින් විහාරස්ථානයට වැඩම කර නොමැති බව වාර්තාවේ.
 
ඒ පිළිබඳව නාගල විහාරවාසී භික්ෂුන් වහන්සේගෙන් කළ විමසීමකදී උන්වහන්සේ පැවැසුවේ දින කිහිපයකට පෙර විහාරාධිපති හිමියන් සති පිරිතක් සඳහා යන බැව් පවසා බැහැර වැඩම කළ බවත් උන්වහන්සේ කිසි දිනක යන එන තැන් පිළිබඳව තමන් වහන්සේට නොපවසන බවත්ය.
 
නාගල විහාරාධිපති හිමියන් වැඩ වාසය කළ ආවාස ගෙය ඇතුළු ගොඩනැඟිල්ල වසා යතුරු දමා තිබෙන අතර සියලු ‍ෙදාර ජනෙල් වසා දමා යතුරු රැගෙන ගොස් ඇතැයි ආවාස ගෙය භාරව සිටින පුද්ගලයෙක් පැවැසීය.
 
වසා දමා ඇති ආවාස ගෙය ඉදිරිපිට විහාරාධිපති හිමියන් හට අයත් බව පැවැසෙන සුඛෝපභෝගී ජිප් රථ දෙකක් නවතා ඇත.
 
ඇත් දළ ජාවාරමට දැනට අත්අඩංගුවේ පසුවන හේරත්ගම ග්‍රාම නිලධාරියා නිතර පන්සලට ආගිය අයෙක් සහ ප්‍රධාන දායකයකු බව නාගල රජමහා විහාරවාසී භික්ෂුන් වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
 
(මව්බිම)
 සබැඳි පුවත් :
 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න