දිනේෂ්ට වෙනම තරග කිරීමට අනුමැතිය !

දිනේෂ්ට වෙනම තරග කිරීමට අනුමැතිය !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව දීර්ඝ කලකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ රැස්වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායකයෙක් වන ඒකාබද්ද විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාද එම අවස්ථාවට සහභාගී විය.

එහිදී මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය ඉල්ලා සිටියේ තමනට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව වෙනම තරග කිරීමට උවමනා බවයි.

ඒ සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන විධායක සභාවේ අනුමැතිය ලැබී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂවලට වෙන්න වෙන්ව පළාත් පාලන මැතිවණයට තරග වැදිය හැකි යෝජනාවක් ඉදිරිපත් කල බවත් එය ඒකඡුන්දයෙන් සම්මත වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 ඒකාබද්ධයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට රතු එළියක් !

 Mahinda samarasinghe පොහොට්ටුවට සහයදෙන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අනතුරේ ...

 කෙසේවුවද ඒකාබද්ධ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනත් පක්ෂයකට සහය දීමට මෙහිදී අනුමැතියක් හිමිව නොමැත.

''ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්‌ෂයක්‌ ජයග්‍රහණය කරවීමට ක්‍රියා කරන්නේ දැයි ගම් මට්‌ටමට ගොස්‌ සොයා බලනවා '' යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකදී වරාය හා නාවුක ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

පක්‌ෂ ව්‍යවස්‌ථාව අනුව කිසිදු සාමාජිකයකුට වෙනත් පක්‌ෂයක්‌ දිනවීමට අනුබල දිය නොහැකි බවත් එය නීති විරෝධී බවත් පැවසූ ඇමැතිවරයා පක්‌ෂයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීමට එය හොඳටම ප්‍රමාණවත් බවද කියා සිටියේය.

"මේ මැතිවරණයේදී අපි නිකං ඉන්නෙ නැහැ. ඡන්දෙ පටන් ගත්තම පොහොට්‌ටු පක්‌ෂයේ ප්‍රධාන රැලි වගේම ගමේ රැස්‌වීම්වලදී මොවුන් කතා කරන දේ නවීන තාක්‌ෂණය යොදා ගෙන අපි සොයා බලනවා. එමගින් අපට අවශ්‍ය සියලු සාක්‌ෂි සපුරා ගෙන පසුව නීත්‍යානුකූලව ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම පළාත් සභා මන්ත්‍රීවරු ගැනත් සොයා බලනවා. පක්‌ෂයේ ඉහළ මට්‌ටමේ සිට පහළ මට්‌ටම දක්‌වා ශ්‍රීලනිප අය ගැන සොයනවා" ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න