ශ්‍රීලනිප - ඒකාබද්ධ සමගි සාකච්ජා කුමන්ත්‍රණකාරී ලෙස කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල්විරවංශ හා උදය ගම්මන්පිල ආදී ඒකාබද්ධ විපක්ෂ නායකයින්ගේ දැඩි කනස්සල්ලට හේතුවී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.
මෙසේ සමගි සාකච්ජා කුමන්ත්‍රණකාරී ලෙස බිඳ දැමීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග ගෙන් සමන්විත 'කාල්ටන් මොන්ටසොරි' කල්ලියට ඔවුන්ගේ විරෝධය එල්ලවී තිබේ.
වීරකුමාර හා ශිරානි කසකාරයින් !
මෙසේ සාකච්ජා බිඳ වැටීම නිසා විමල් විරවංශ මහතාගේ හා දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හටගෙන ඇති අතර එම පක්ෂවල ප්‍රධානින් කිහිප දෙනෙකු පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ආණ්ඩුවට එක්වීමට සාකච්ජා පවත්වා ඇත.
ජනිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා හා මහජන එක්සත් පෙරමුණේ ශිරාණි අබේවික්‍රම මන්ත්‍රීවරිය ඔවුන් අතරින් ප්‍රධාන වේ.
මෙම අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් මෙම පක්ෂ නායකයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බදුල්ලේ පැවති රැස්වීමට සහභාගී නොවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
