Language Switcher

V2025

දිලිත්ලා ගෝඨාව විනාශ කරනවා - මහින්ද කියයි

කිසිඳු දේශපාලනයක් නොදන්නා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව දේශපාලනයට ඇඳා ගනිමින් ඔහුව විනාශ කරන්නේ ප්‍රචාරක ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් පසුගිය දිනවල කොළඹ නගරයේ අලවා ඇති පෝස්ටර් සම්බන්ධයෙන් අදහස් දක්වමි මහින්ද රාජපක්ෂ මහතා එකාබද්ධයේ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ එබව සඳහන් කර ඇත.

'' ගෝඨා අහිංසකයා. මේ දිලිත්ලා පෝස්ටර් ගහලා කරන සෙල්ලමෙන් අන්තිමට ගස් යන්නේ ගෝඨා. දිලිත්ලා එක පෝස්ටරයක් ගහනකොට මංගලගේ එයින් දෙකක් ගහනවා. මේවට මුණ දෙන්න ගෝඨා ට හයියක් නැහැනේ. මේකෙන් වෙන්නේ නැති ප්‍රශ්න හදන එක. දිලිත්ලා ගෝඨා එක්ක ඉන්න ගමන් රනිල් එක්කත් ඉන්නවා. ඕකා දන්නා මෛත්‍රීගේ එවුන් ගෝඨාව හිරකරනවා. බැසිල්ටත් මේ ගැන තරහ ගිහිල්ලයි ඉන්නේ. '' යයි මහින්ද රාජපක්ෂ මහතා දැඩි කනස්සල්ලෙන් පැවසු බව එහි සිටි මන්ත්‍රීවරයකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

කෙසේවෙතත් අගමැති විදේශගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට සිටියදී එය වැලක්වුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

8d25a0f56e6ec399eed436947a6c3bae L

 ඩි. ඒ. රාජපක්‌ෂ අනුස්‌මරණ ස්‌මාරකය හා කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රුපියල් ලක්ෂ නවසීයක (900) මහජන මුදලක් අවභාවිත කිරීමෙන් පොදු දේපල නීතිය යටතේ ද`ඩුවම් ලැබිය හැකි වරදක්‌ සිදුකර ඇතැයි බරපතළ අපරාධ විමර්ශන ඒකකය, ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාට එරෙහිව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ගොනුකර ඇති සහතිකය අවලංගු කරන්නැයි ඉල්ලා ඔහු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කල දා ඔහුගේ අනුගාමිකයින් "ගෝඨා අපේ'' යයි සඳහන් කරමින් කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබිණ.

ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමක් 'ගොතා 'බය' අමතකද?' හා ''අපි වෙනුවෙන් මිනිමරුවෙක් '' යයි සඳහන් කරමින් කොළඹ නගරය හා ඒ අවට ජනාකීර්ණ ප්‍රදේශයන් හි දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබිණ.