අලුතින් පත්වීම් ලැබූ රාජ්‍ය මාධ්‍ය ලොක්කෝ මෙන්න : වැඩ කරන්න බැරි අය සයිබීරියාවට

අලුතින් පත්වීම් ලැබූ රාජ්‍ය මාධ්‍ය ලොක්කෝ මෙන්න : වැඩ කරන්න බැරි අය සයිබීරියාවට

රාජ්‍ය මාධ්‍ය ආයතනවල ඉහළ තනතුරු දරන පිරිස් අතර වැඩ කිරීමට නොහැකි සහ සිය රාජකාරි පැහැරහරින පිරිස් ඇත්නම් ඔවුන්ට  සයිබීරියාවට වී ඉන්න ඉඩහැර  දක්ෂයින් සමඟ වැඩ කිරීම අරඹන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර ඇත.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ (16) අමාත්‍යංශයේ පවතී රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්ය.

තමන් කිහිප වතාවක්ම මාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇතත් යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යධුරය අභියෝගයක් බවත් අමාත්‍යවරයා පවසා ඇත.

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයවීම අභියෝගයක් 

ඒ වසර ගණනාවක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලනය සිදුකළ පක්ෂ දෙකක මුලිකත්වයෙන් ආණ්ඩුව මෙහෙයවන නිසා බවත් එහිදී කිසිඳු පක්ෂයකට අසාධාරණයක් හෝ අයුක්තියක් නොවන ලෙස මාධ්‍ය හැසිරවීමට සිදුවන නිසා බව සඳහන් කර ඇති අමාත්‍යවරයා මෙතෙක් තමන් එම තත්ත්වය ආරක්ෂා කිරීමට වගකීමෙන් කටයුතු කළ බවත් ඉදිරියේදීද එම තත්ත්වය ආරක්ෂා කර ගැනීමට මාධ්‍ය ප්‍රධානීන්ගේ සහය අපේක්ෂා කරන බවද පවසා තිබේ.

එසේම ආණ්ඩුවේ සංවර්ධන කටයුතු ජනතාව අතරට නොගියේ මාධ්‍ය මෙහෙයවීමේ අඩුවක් නිසා බවට ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් අතරද අදහසක් ඇති බවත් එහෙත් එවැනි විවේචන හමුවේ මාධ්‍ය ආචාරධර්ම හෝ ආණ්ඩුවට සුදුහුණු ගෑම පමණක් මාධ්‍ය වගකීම බව තමන් විශ්වාස නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රාජපක්ෂලාගේ මජර  මාධ්‍ය සම්ප්‍රදාය රාජ්‍ය මාධ්‍ය ආයතන තුළට ගෙනෙන්න එපා  

මෙවනි අදහස් අමාත්‍යවරුන් අතර වුවත් ඇති වන්නේ රාජපක්ෂ රෙජීමය අමු අමුවේ මාධ්‍ය ආචාරධර්ම කෙළසමින් මාධ්‍ය මෙහෙයවූ නිසා එම අත්දැකීම අනුව බවත්  යහපාලන ආණ්ඩුව රාජපක්ෂ රෙජීමය මාධ්‍ය හැසිරවූ ආකාරයට කිසිඳු අවස්ථාවක පහත් තැනක සිට විරුද්ධ පාක්ෂිකයන්ට මඩ නොගැසූ බවත් එම ප්‍රතිපත්තිය අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙසත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.

රාජ්‍ය මාධ්‍ය හරහා ආණ්ඩුවේ වැඩ ජනතාව අතරට යායුතු බව සත්‍ය නමුත් එහිදී කිසිඳු අවස්ථාවක රාජපක්ෂ රෙජීමයේ මජර ක්‍රමය අනුගමනය නොකළ යුතු බවත් යහපාලන ප්‍රතිපත්ති රකිමින් ගුණාත්මක භාවයෙන් ඉහළ උසස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට සහ එහි ආදර්ශයක් බවට රාජ්‍ය මාධ්‍ය පත්විය යුතු බවද එහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

වැඩ බැරි අය සයිබීරියාවට යවන්න 

එසේම පසුගිය සමයේ රාජ්‍ය මාධ්‍ය මෙහෙයවීමේදී ඇතැමුන් තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකළ බවත් සැළසුම් සහගතව සිදුකළ එම කටයුතු ඉදිරියට සිදුනොවීමට වගබලා ගන්නා ලෙසද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

කිසියම් පාර්ශවයක් සිය රාජකාරිය පැහැරහරිනවා නම් ඔවුන් එදා සෝවියට් දේශයේ සිදුකළ ආකාරයට සයිබීරියාවට යන්න ඉඩහැර  වැඩට දක්ෂ ආයතන කාර්ය මණ්ඩල සමඟ රාජකාරී නිසි ලෙස සිදුකිරීමට කැපවෙන ලෙසද අමාත්‍යවරයා මාධ්‍ය ප්‍රධානීන් වෙත දැනුම්දී ඇත.

ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශ ප්‍රධානීන්ට රතු එළි !

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පසුගිය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශ වල ක්‍රියාකාරීත්වය පිළිබඳ කොහෙත්ම සෑහීමකට පත්විය නොහැකි බවය.

එම අංශයන්හී පැවති දුර්වලතා නැවත ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් නිසි පරිදි රාජකාරි කිරීමට අසමත් සහ අපේක්ෂිත කාර්ය සාධනයක් නොමැති එම සියලු තනතුරු වෙනස් කර හෝ අදාළ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට මැදිහත් වන ලෙසද අමාත්‍යවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ අවධාරණය කර ඇත.

එහිදී වැඩ නොකරන, රාජකාරිය පැහැරහරින පුද්ගලයා සිරිකොත මුලස්ථාන සාමාජිකයෙක්ද, නැතිනම් ඩාර්ලි පාරේ මුලස්ථානයේ සාමාජිකයෙක්ද යන්න නොසළකන ලෙසත් නිසිලෙස රාජකාරි සිදුකිරීමට සමත්වන්නා පොහොට්ටුවේද ඔහු සමඟ වැඩ කිරීම ගැටළුවක් නොවන බව සිහිතබා ගන්නා ලෙසද අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

එසේම දින දෙකක් තුළ ප්‍රවෘත්ති සහ කාළීන සිදුවීම් මෙන්ම අනෙකුත් හඳුනාගත් අංශ සඳහා ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා දැනුම්දුන් බවද වාර්තා වෙයි. 

අලුතින් පත්වීම් ලැබූ රාජ්‍ය මාධ්‍ය ලොක්කෝ මෙන්න

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව :

1. සභාපති - ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද මහත්මිය

2. ක්‍රියාකාරී අධ්‍යක්ෂ -  නවාස් මොහොමඩ් මහතා 

3. අධ්‍යක්ෂ                    - සාරංග විජේරත්න මහතා 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :

1. සභාපති    - සිද්දි ෆාරුක් මහතා 

2. ක්‍රියාකාරී අධ්‍යක්ෂ    -  එම්.ජේ. ආර්. ඩේවිඩ් මහතා 

3. අධ්‍යක්ෂ                       - නීතිඥ නවින් ශානක මහතා 

4. අධ්‍යක්ෂ                         - මහේෂිනි කොලොන්නේ මහත්මිය

5. අධ්‍යක්ෂ                          - සමන් මුතුකුමාරණ මහතා 

 ස්වාධින රුපවාහිනි ආයතනය :

1. සභාපති                   - තිලකා ජයසුන්දර මහත්මිය 

2.ක්‍රියාකාරී අධ්‍යක්ෂ -  විමල් කැටිපේආරච්චි මහතා 

3. අධ්‍යක්ෂ           - නලින් අපොන්සු මහතා

 4. අධ්‍යක්ෂ                      - නීතිඥ මෙත්සිරි පරණවිතාන මහතා 

5. අධ්‍යක්ෂ                       - සෙරීනා පිරිස් මහත්මිය

 6. අධ්‍යක්ෂ                      - සුභාෂ් පින්නපොළ මහතා 

සැලසිනේ ආයතනය :

1. සභාපතිනි                - උමා රාජමන්ත්‍රී මහත්මිය

2. අධ්‍යක්ෂ        - තුෂාර වන්නිආරච්චි මහතා

3. අධ්‍යක්ෂ                   - නීතිඥ යුරේකා වේලාරත්න මහත්මිය

DSC 5082

DSC 5086

DSC 5091

DSC 5103

DSC 5124

DSC 5129

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න