පාසල් නිල ඇඳුම් ගැන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පාසල් නිල ඇඳුම් ගැන  අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

චීන රජයෙන් ලබා දෙන පාසල් නිල ඇඳුම්වල පළමු තොගය නොවැම්බර් 13 වන දා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය අද (සැප්. 18) නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය.

ඒ අනුව, එම පාසල් නිල ඇඳුම් තොගය අදියර තුනක් යටතේ මෙරටට ලැබෙන බව ත් එහි දෙවන තොගය නොවැම්බර් 21 වන දා ලැබෙන බව ත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, එම පාසල් නිල ඇඳුම්වල අවසන් තොගය දෙසැම්බර් 20 වන දා ලැබීමට නියමිත බව ය.

ඒ අනුව, 2025 නව පාසල් වාරය වෙනුවෙන් පාසල් ළමුන් ලක්ෂ 43කට අවශ්‍ය නිල ඇඳුම් සහ පිරිවෙන් 825 සඳහා අවශ්‍ය සිවුරු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි 20 වන දාට පෙර පාසල් නිල ඇඳුම් දරුවන්ට ලබා දීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න