පූර්ව දැනුම්දීමකින් තොරව ස්වාධීන රූපවාහිනී සේවය සහ ජාතික රූපවාහිනිය වෙත ගොස් තිබෙන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර එම ආයතනහී ප්‍රවෘත්ති සහ කාළීන සිදුවීම් අංශ ප්‍රධානීන් වෙනස් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති සහ කාළීන සිදුවීම් අංශයේ ප්‍රධානියා ලෙස ජේෂ්ඨ මාධ්‍යවේදී සුභාෂ් ජයවර්ධන පත්කර ඇත. එසේම එහි ප්‍රවෘත්ති කළමනාකරු ලෙස ධම්මික යටිකිඳ සහ කාළීන වැඩසටහන් කළමනාකරු ලෙස අශෝක වීරසිංහ යන මාධ්‍යවේදීන් පත්කර ඇති බව වාර්තා වෙයි. එසේම මෙතෙක් ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නලින්දා පෙරේරා මහත්මිය ප්‍රවෘත්ති පරිපාලක ලෙස පත්කර ඇත.
ජාතික රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය සඳහා මාධ්‍යවේදී ටී.එම්.ජී.චන්ද්‍රසේකර සහ කාළීන සිදුවීම් අංශයේ ප්‍රධානියා ලෙස රංග බණ්ඩාරනායක ද පත්කර ඇත.

