රට වෙනුවෙන් දිවිපිදුවන් කිලිනොච්චියේදීත් සමරයි !

රට වෙනුවෙන් දිවිපිදුවන් කිලිනොච්චියේදීත් සමරයි !

ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙන් රට වෙනුවෙන් දිවිපිදු සියළුදෙනා සිහිකිරිමේ අනුස්මරණ උත්සවයක් ඊයේ (18) කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි පැවැත්විණි.

එහිදී රට වෙනුවෙන් දිවි පිදු සියළු දෙනා වෙනුවෙන්  පවත්වන ලැබු අනුස්මරණ උත්සවයෙදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ආයතනයේ ධජය එසවිම,ජාතික ගීය ගායනා කිරිම, යුද්ධ හමුදා ගිතය ගායනා කිරිම සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පණිවිඩය කියවිමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමන් විසින් අනුස්මරණ උත්සවය පිළිබඳ මැනවින් පැහැදිලි දේශණයක්ද සිදු කරනු ලැබිය.

මෙම අනුස්මරණ උත්සවයට සමගාමිව රට වෙනුවෙන් මියගිය සියළුම දෙනා වෙනුවෙන්  ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉරණමඩු කනකම්බිගායි අම්මාන් කෝවිලේදි  යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාවගේද සහභගිත්වයෙන් විශේෂ පූජාවක් සහ එදින සන්දයාවේ කිලිනොච්චි ලුම්බිණි විහාරවාසි නායක ස්වාමින් වහන්සේ වැඩමවා සියළුම මියගිය අයවළුන් වෙනුවෙන් බෝධිපූජා පිංකමක් ද සිදුවිය.

එම සැමරුම් සහ පූජාවන්  වෙනුවෙන්  ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහ මෙම මුල මාණ්ඩළික නිළධාරින්/ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුළු අනෙකුත්  නිළධාරින් සහ සෙසුනිළයින් සහභාගී විය.

{gallery}kilinochchi{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න