කොළඹ මහ නගර සභාවේ පළමු නගරාධිපතිය ලෙස තේරී පත්වූ රෝසි සේනානායකගේ නිල නිවසේ වැසිකිලියක් අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 57ක මුදලක් වැය වූ බවට මාධ්‍ය වාර්තා පළ වෙමින් තිබුණත් එම මුදල වැසිකිලිය පමණක් නොව නගරාධිපති නිල නිවසේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක් සඳහා බව කොළඹ මහ නගරසභා ආරංචිමාර්ග සඳහන් කරයි.
කොළඹ මහා නගර සභාවේ නගරාධිපති නිල නිවස පැරැණි තට්ටු නිවාසයක් බවත් එය මේ වන විට අබලන්ව තිබීම හේතුවෙන් මෙම ලක්ෂ 57ක ඇස්තමේන්තුව මහ නගර සභාවට ඉදිරිපත් කර සම්මත කරගෙන ඇති බවද වාර්තා වෙයි.
කෙසේ වුවත් කොළඹ මහ නගරසභාව නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කර සිටින්නේ මෙම කටයුත්ත නිකරුණේ මහජන මුදල් නාස්ති කිරීමක් බවය. එසේම එම මුදල් වඩාත් ඵලදායි කටයුත්තකට වැයකරන්නට සිතුවා නම් වැදගත් බවත් මේ කටයුතු හේතුවෙන් මහ නගර සභාව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමේ අවධානමක් ඇති බවද ඔවුන් සඳහන් කරයි.
එසේම කිසිඳු සැලසුමක් නොමැතිව පසුගියදා බල්ලන් ඇල්ලීම ඇතුළු තනතුරු කිහිපයක් සඳහා පලකල දැන්වීම සහ පසුව එය අවලංගු කල බවට දැනුම්දුන් දැන්වීම් හේතුවෙන් රුපියල් 50000 කට ආසන්න මුදලක් කිසිඳු තේරුමක් නොමැතිව වැය කර ඇති බවත් මේ වන විට නගරසභාවේ කටයුතු බල්ලා කරන දේ නැට්ට නොදන්න නැට්ට කරන දේ බල්ලා නොදන්න තැනට පත්ව ඇති බවද ඔවුන් සඳහන් කරයි.
නගරාධිපති නිල නිවසේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණයක් මැයෙන් ලක්ෂ 57ක මුදලක් ඉල්ලා නගරසභාවට යොමුකළ ඇස්තමේන්තුව පහත දැක්වේ.

