ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින නිලධාරී මණ්ඩලය වෙනුවට තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට තීන්දු කර ඇත්තේ ශ්‍රීලනිපයේ වත්මන් නිලධාරී මණ්ඩලයේ බහුතරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළකරන නිසා බව අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.
ඒ අනුව එළඹෙන ජුනි 03 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලයක් හෝ තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත් කිරීම සිදු වනු ඇති බවත් සම්මුති ආණ්ඩුවේ සිටින කිසිඳු අමාත්‍යවරයෙකු එයින් ඉවත්වීමේ සූදානමක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බැවින් මේ වන විට ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලනිප මැති ඇමැතිවරු 23 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ජනාධිපතිවරයාට ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි වන නිසා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

