ශ්‍රීලනිප 16 කණ්ඩායම : මහින්ද අතර හෙට තීරණාත්මක හමුවක්

ශ්‍රීලනිප 16 කණ්ඩායම : මහින්ද අතර හෙට තීරණාත්මක හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාවට සහය දෙමින් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම හෙට (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මේ බව සඳහන් කල අතර මහින්ද රාජපක්ෂ පාර්ශවය සමඟ වැඩ කිරීමේ ගැටළුකාරී හා බාධාකාරී තත්ත්වයන් ඇත්නම් ඒවා විසඳාගෙන ඉදිරියට කටයුතු කිරීම සම්බන්ධව එහිදී සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.
එසේම ප්‍රගතිශීලි බලවේග එක්ව මේ ආණ්ඩුවට විරෝධී බලවේගයක් ලෙස, ආණ්ඩුව පරාජය කර ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගැනීම වෙනුවෙන් නායකත්වය දෙන සියලුම සංවිධාන සමඟ ඉදිරියේදී කටයුතු කිරීමට තම කණ්ඩායම අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රීලනිප 16 කණ්ඩායම නියෝජනය කරමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙන්ම දයාසිරි ජයසේකර සහ සුසිල් ප්‍රේමජයන්ත යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටි අතර ඉදිරියේදී තම කණ්ඩායම  "නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය" ලෙස වෙනම මාධ්‍ය හමු පවත්වන බව සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වූ  දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ 16 කණ්ඩායම තව දුරටත් ආණ්ඩුවේ කොටසක් නොව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ රැඳී සිටිමින් කටයුතු කරන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පිළිගන්නා පිරිසක් බවය. එසේම තමන් මෙම කටයුතු සිදුකරන්නේ ජනාධිපතිවරයා දැනුවත් කර බවද ඔහු සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න