නොරෙච්චෝලේ ගල් අඟුරු බලාගාරය ආරම්භ කර සිටියේ අඩියෙන් අඩිය හමුදාව යොදවා බලහත්කාරයෙන් බවත් අද වන විටත් එම ස්ථානය ආශ්‍රිතව පොලිස් ඔත්තුකරුවන් දුසිමක් පමණ යොදවා පොලිස් රාජ්‍යයක්, නාවික හමුදා රාජ්‍යයක් සමඟ ලංකාවේ විශාලම පරිසර හානිය සිදුවීමට ඉඩ හැර තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සඳහන් කරයි.
අද (20) එම ප්‍රදේශයේ ජනතාව හමුවෙමින් එහි පවතින පරිසර විනාශය ගැන කරුණු පැහැදිළි කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මේ බව පැවසීය.
පරිසර බලපත්‍රයක් නැතිව බලාගාරයක් පවත්වාගෙන යාම හමුවේ ජන ජීවිතය විනාශයෙන් විනාශයට ගෙනගොස් තිබෙන බවද සඳහන් කරන ඔහු ඒ කිසිත් නොසළකා හැර තිබෙන වගකිවයුතු පාර්ශව මේ වන විට තවත් ගල් අගුරු විදුලි බලාගාරයක් හදන්න යෝජනා කරන බවද පැවසීය.
එසේම විදුලි මාෆියාවට අවශ්‍ය ‘ජනතාවගේ මිනී මතින්, විදුලි ඒකකයකින් රු. 10 බැගින් හොරකං කරලා හරි ඕස්ට්‍රේලියාවේ - එංගලන්තයේ දේපල ගැනීම මිසක් රට දිනවීම නොවේ යැයිද කීර්ති තෙන්නකෝන් පැවසූ අතර ‘නෙරොච්චෝලේ වැසියන්ට නොමිලේ විදුලිය දෙනවා කිව්වා. කෘෂිකර්මාන්තයට අඩුමුදලට විදුලිය දෙනවා කිව්වා. ඒ කිසිවක් ලැබුණේ නැතත් දැන් මාස 10 ක් දුම, අගුරු, හා විෂ දිනපතා නිකුත් කරනවා. කිසිදු පරිසර ආරක්ෂණයක් නෑ. අද ගල් අගුරු ගොඩට බවුසර් ලදා වතුර ගහනවා. මෙච්චර කල් කළේ මහ මුහුදට අලු, හලපු එක. තත්ත්වයෙන් බාල ගල් අගුරු ගෙනල්ලා දැන් සිමෙන්ති හදන්නවත් මේ අලු ගන්නේ නෑ" යනුවෙන්ද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු, "විදුලි මාෆියාව ලංකාවේ දුෂිතම රාජ්‍ය ව්‍යාපාරයි. ජනාධිපතිගේ පක්ෂයේ විදුලි අමාත්‍යාංශය තියෙනවා. පරිසර අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. ලංකාවේ හැම දුෂණයක් ගැනම කථා කරන ජනාධිපතිවරයා හා විදුලි බල ඇමතිවරු විදුලිබල මණ්ඩලයේ දුෂණ ගැන කථා කරන්නේ නෑ. රු. 18 ට සූර්ය බලශක්තිය මිලදී ගන්නේ නැති විදුලිබල මණ්ඩලය රු. 28 ට ඩීසල් මාෆියාවෙන් විදුලිය මිල දී ගන්නවා. දේශපාලඥයින් ඡන්ද කරන්නෙත් දුෂිත ලේකම්වරු, සාමාන්‍යාධිකාරිවරු ප්‍රකෝටිපතියන් බවට පත් කරන්න විදුලි මාෆියාව කටයුතු කරනවා" යැයි ද පැවසීය.
නොරච්චෝලේ ගම්මාන 5ක දෙසීයකට වැඩි පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගවී සිටි අතර පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ද මෙම වඅවස්ථාවට එක් විය. ඔවුන් පැවසූවේ 2018 ජනවාරි 28 දින අධිකරණය හමුවේ අතිකර ගත් එකගතාවයන් 27 න් එකක්වත් මේ දක්වාම ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය කටයුතු කර නොමැති බවයි.
රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර : අමාත්‍යංශ ලේකම්ගෙන් අනිවාර්ය සාකච්ජාවක් ඉල්ලයි
ජනතාවගේ ඉල්ලීම මත පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමත්‍ය පාලිත රංග බණ්ඩාර මහතා ද පසුව මෙම ස්ථානයට පැමිණියේ ය.
පසුගිය සමයේ නොරච්චෝලේ පරිසර ප්‍රශ්නයන්ට ලබා දුන් විසදුම් කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නොවන බව තමා ද පිළිගන්නා බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දුරකථනයෙන් කථා කොට මෙම ප්‍රශ්නය විසදීම සදහා ජනතාව සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බව ද පවසීය. ඒ අනුව, මැයි 31 දින නොරච්චෝලේ දී ප්‍රදේශවාසීන්ගේ ද සහභාගීත්වයෙන් සියළු පාර්ශවයන් සමග එක්වී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය.


