2016/17 බෞද්ධ දර්ශනයට සිසුන් බඳවා නොගැනීමට එරෙහිව පෙත්සමක් !

2016/17 බෞද්ධ දර්ශනයට සිසුන් බඳවා නොගැනීමට එරෙහිව පෙත්සමක් !

මේ වන විටත් 2016/17 අධ්‍යයන වර්ෂයට අදාලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවාගෙන අවසන් කර තිබුණත් බෞද්ධ දර්ශනය සහ බෞද්ධ අධ්‍යයන විෂයන් සඳහා මෙතෙක් කිසිඳු සිසුවෙක් බඳවාගෙන නොමැති බව සඳහන් කරමින් ඊට එරෙහිව  මහජන පෙත්සමක් අත්සන් කිරීමට  අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය කටයුතු කරමින් සිටියි.

අවස්ථා ගණනාවකදී උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන්ට මේ බව දැනුම්දුන්නත් ඔවුන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධව ගෙන නොමැති බවත් බෞද්ධ දර්ශන විෂය විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් පිටමං කිරීමේ සැළසුම් සහගත කුමන්ත්‍රණයක් මේ තුළ දියත්ව තිබෙන බවට සැකසංකා පවතින බවද එම සංගමය සඳහන් කර සිටියි.

මේ සම්බන්ධව පිරිවෙන්, ගුරුභවතුන් සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පෙත්සම් අත්සන් කිරීමට සමගාමීව දියත් කිරීමට  අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය කටයුතු කර ඇති අතර ඉදිරියේදී ශිෂ්‍ය ව්‍යාපාරය සමඟ සම්බන්ධව මීට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

{gallery}wirodatha{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න