පැය 24න් කෝටියක් පාඩු කළ : තෙල් ගබඩා නිලධාරියා මෙන්න

පැය 24න් කෝටියක් පාඩු කළ : තෙල් ගබඩා නිලධාරියා මෙන්න

ඉන්ධන මිල ඉහළ දැමූ දිනයේ නොකළ යුතුව තිබූ "එදිනම ඇණවුම් කර එදිනම ඉන්ධන තොග අලෙවි කිරීම" රහසේ ක්‍රියාත්මක කර පැය 24ක් තුළ රජයට රුපියල් කෝටියක පාඩුවක් කළ ඉහළ නිලධාරියා කවුරුන්ද යන්න මේ වන විට හඳුනාගෙන තිබේ.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL ) අදාළ ඉහළ නිලධාරියා පසුගිය 10 වැනිදා කොළොන්නාව හා මුතුරාජවෙල පර්යන්ත වලින් දෛනික ඇණවුම් ක්‍රමයට ඉන්ධන බවුසර 74ක් නිකුත් කර ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි ඛනිජ තෙල්  සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියා සිටියි. ඒ අනුව කොළොන්නාව නිමාවට රුපියල් 65,80,200ක පාඩුවක්ද (බවුසර් 52කින්) මුතුරාජවෙල නිමාවට රුපියල් 24,68,400ක පාඩුවක්ද (බවුසර් 22 කින්) සිදුව තිබේ.

ඉන්ධන මිල ඉහළ දමන බව නිවේදනය කරන අවස්ථාවේ සිට ඉන්ධන මිල සැබෑ ලෙසම ඉහළ යන අවස්ථාව දක්වා දෛනික ක්‍රමයට ඉන්ධන නිකුත් නොකිරීම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර අදාළ ඉහළ නිලධාරියා එම ක්‍රමය උල්ලංඝනය කර සමහර ඉන්ධන හල් හිමියන්ට පැය 2ක් ඇතුළත ඉන්ධන තොග ලබාදී ඇති බව දැනගන්නට ඇත.

රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න