පොහොට්ටුවට එන අයට ඉන්න පුළුවන් එක නායකයයි - ජී.එල්

පොහොට්ටුවට එන අයට ඉන්න පුළුවන් එක නායකයයි - ජී.එල්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ  ඒකාබද්ද විපක්‍ෂයට එක්වන ඕනෑම අයෙක් හිටපු  මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය පිළිගත යුතු බව  ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති  ජී.එල්. පීරිස්  පවසයි.

පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර කිසිවෙකුට නායකයන් දෙදෙනෙක් සිටිය නොහැකි බවත් සිටිය යුත්තේ එක් නායකයෙක් පමණක් බවත්  ඔහු මහින්ද රාජපක්‍ෂ පමණක් බවද එහිදී පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ‍්‍රිලනිප 16 දෙනා සමග පැවැත්වීමට නියමිත සාකච්ජා  සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර සිටි අතර ඉදිරි මැතිවණ සදහා තරග කරනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් පමණක් බවත් තම පක්‍ෂ කොන්දේසි පිළිගත  හැකි ඕනෑම අයෙකුට දොර විවෘත බවත් ඔහු එහිදී වැඩි දුරටත් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න