හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

 ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාය.

චාමර සම්පත් දසනායක 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල්පිරීමට පෙර ඉවත්කර ගැනීමට කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන සිදුකරමින් පවතී.

ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ විසින් සිදුකර තිබුණු අතර, එමඟින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු රනිල් වික්‍රමසිංහ දන්නා බවටත් අදාළ විමර්ශනයට අදාළ සිද්ධියට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රකාශයන් රනිල් වික්‍රමසිංහ කළ කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත.

WhatsApp Image 2025 04 11 at 2.35.03 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න