පිල්ලෙයාන්ව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

පිල්ලෙයාන්ව දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දින 90 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර හිමිව තිබේ.

පසුගිය 08 වැනිදා රාත්‍රී ඔහු මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගැනුණි.

ඒ, පුද්ගලයෙකු පැහැර ගෙන යාම හා අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ය.

මේ අතර, පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  පැවසුවේ, පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට තොරතුරු රැසක් අනාවරණවී ඇති බවයි.

පසුගිය පාලන සමයන්හිදී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් පසුව රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න