මට චෝදනා නගන අය රාජ ද්‍රෝහීන් : කවදා හරි දඬුවම් ස්ථිරයි ! - ගෝඨාභය ප්‍රසිද්ධියේ කියයි

මට චෝදනා නගන අය රාජ ද්‍රෝහීන් : කවදා හරි දඬුවම් ස්ථිරයි ! - ගෝඨාභය ප්‍රසිද්ධියේ කියයි

ලසන්ත ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදී මරණ තර්ජනය කිරීම, වැලිකඩ බන්ධනාගාරයේ සමුහ ඝාතනය ඇතුළු අපරාධ සම්බන්ධව තමන්ට එරෙහිව බොරු චෝදනා එල්ල කරන බවත් ඒ පිළිබඳ නෛතික සහ විමර්ශන කරන සියළු දෙනා "රාජද්‍රෝහීන්" බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර ඇත.

දිවයින පුවත්පත වෙත සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර  බොරු වැරදි දොෂාරෝපණයන් කිරීම මහා වැරද්දක්‌ බවත්  කවදා හරි ඔවුන්ට මේවට දඬුවම් ලැබෙන බවත් ඔහු සඳහන් කර ඇත.

"මේ බුද්ධි අංශ පිළිබඳ විමර්ශන අතරේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට පහරදීම සහ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ විමර්ශනය අනුව ඔබතුමාටත් චෝදනා එල්ල වෙලා නේද?" යනුවෙන් දිවයින ප්‍රශ්නය යොමුකර ඇති අතර ඊට ලබාදුන් පිළිතුරේ මේ බව සඳහන්ව ඇත.

එහිදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ "දැන් මගේ කෝල් එකක්‌ පිටිපස්‌සේ එනවා. මේක පුදුම පරීක්‍ෂණ පැවත්විල්ලක්‌නේ. පොලිසිය පුහුණු කළේ කවුද දන්නේ නැහැ. මට කනගාටුයි මේ මිනිස්‌සු මගේ යටතෙත් හිටියා. බොරු මවාපෑම් කරලා. බොරු කතා ගොතලා. ඒවා උසාවියට ගෙනියනවා. මේ ගොල්ලෝ රාජද්‍රෝහීන්. සමහර රජයේ නීතිඥයෝ මේවායෙදී කටයුතු කරන්නේ හරිම කැත විදිහට. ඒ තරම් පහත් තත්ත්වයකට ඔවුන් වැටිලා. කොහොමද ජනතාව විශ්වාසයක්‌ තබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන. කවදා හරි ඔවුන්ට මේවට දඬුවම් ලැබෙයි. මේ වගේ බොරු වැරදි දොෂාරෝපණයන් කිරීම මහා වැරද්දක්‌. දැන් කීත් නොයාර් සිද්ධියේදී මට චෝදනා කරන්නේ දුරකථන ඇමැතුමක්‌ මුල් කරගෙන. මට ඒ සිද්ධිය දැනුම් දුන්නහම මම ඒකට ක්‍රියාත්මක නොවී වෙන මොනවද කරන්නේ. මම ගිහින් පරීක්‍ෂණ කරන්නද? අද කතානායකතුමා කියනවනේ කීත් නොයාර්ව බේරාගත්තේ එතුමා කියලා." යනුවෙන් පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න