"අප්පච්චි මලෝ" : අප්පච්චිගේ අඩිපාරේ ගිහින් - වැටුප් දෙකම ගත්තොත් නඩු !

"අප්පච්චි මලෝ" : අප්පච්චිගේ අඩිපාරේ ගිහින් - වැටුප් දෙකම ගත්තොත් නඩු !

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමති විජිත් විජයමුණි සොයිසාගේ පුත් උදාර විජිතමුණි සොයිසා ලංකා ධීවර සංස්ථාවේ සභාපති ධුරයට පත් කර තිබීම සිහිපත් කරවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවකට ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වූ ශෂීන්ද්‍ර රාජපක්ෂව විහාර දේවාලගම් පනත පවා සංශෝධනය කරමින් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරයට පත්කිරීම බව දුෂණ විරෝධී  සංවිධාන ක්‍රියාකාරිකයකු newstube.lk වෙත පැවසීය.

ඒ  උදාර විජිතමුණි සොයිසා ඌව පළාත් සභාවේ මන්ත්‍රි  ධුරයෙන් උසුලන නිසා ඔහුව රාජ්‍ය සංස්ථාවක සභාපතිධුරයක් සඳහා පත්කිරීම සම්බන්ධව නිව්ස් ටියුබ් සිදුකල අදහස් විමසුමකට පිළිතුරු දෙමින්ය.

මේ වන විටත් අදාළ ක්‍රියාව  දුෂණ විරෝධි සංවිධානය විසින් අතිශය සදාචාර විරෝධී ක්‍රියාවක් බව දක්වා   උදාර විජිතමුණි සොයිසා  එම එක් ධුරයකින් ඉවත් විය යුතු බව අවධාරණය කර ඇත.

එම  සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මේ බව සඳහන් කර ඇති නමුත් නිව්ස් ටියුබ් කල විමසීමේදී දුෂණ විරෝධී සංවිධාන ක්‍රියාකාරිකයා සඳහන් කර සිටියේ "අප්පච්චි මලෝ මෙම පාරේ ගොස් ඇත්තේ අප්පච්චි ලබාදුන් නරක ආදර්ශ තවමත් අත්හැරීමට නොහැකිවීම නිසා නමුත් එය නීතියෙන් වරදක් නොවන බවයි. නමුත් ධුරය දරන විට පළාත් සහා මන්ත්‍රී වැටුප ගන්නවාද නැතිනම් සංස්ථා සභාපතිධුරයේ වැටුප ගන්නවාද යන්න උදාර සොයිසා තීරණය කළ යුතු බවත් වැටුප් දෙකම ලබා ගැනීමට කටයුතු කලහොත් ඔහුට එරෙහිව නීතිය හමුවට යාමට තම සංවිධානය කටයුතු කරන බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න