Language Switcher

V2025

බන්දුල චොර ! : විදෙස් ආයෝජනයන්ට ශ්‍රමිකයන් නොමැතිනම් විදේශයෙන් ගෙන්වීම හොඳයි - අලුත්ගමගේ

විදේශ ආයෝජන නොමැතිව රටකට ගමන් කළ නොහැකි බවත්  ඇතැම් විදෙස් ආයෝජනවලට අවශ්‍ය ශ්‍රමිකයන් විදෙස් රටවලින් ගෙන්වන්නේ නම් එය ඉතා හොඳ කටයුත්තක් බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය ඊයේ  (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.

එම විවාදයේ අඳහස් දැක්වූ අලුත්ගමගේ මන්ත්‍රීවරයා, 

අප වැනි රටකට විදේශ  ආයෝජන නැතිව යන්න බැහැ. විදේශ ආයෝජකයන්ට පහසුකම් ලබාදීලා, විදේශ ආයෝජන ගෙන්වීමයි අමාත්‍යාංශය හරහා කෙරෙන්න අවශ්‍යය.

සමහර කර්මාන්ත මේ රටේ කරන්න එනකොට, කර්මාන්තවලට අවශ්‍ය ශ්‍රමිකයෝ මේ රටේ නෑ. කොම්පියුටර් සම්බන්ධයෙන් විෂයක් ගත් විට ඒ ශ්‍රමිකයෝ මෙහෙ නෑ.  පිටරටින් ගේන්න දෙන්නෙත් නෑ. ආයෝජනය ගෙන්න කියනවා, ශ්‍රමිකයෝ නෑ. ආයෝජකයන් කීපදෙනෙක් ඉල්ලුවා.  ආයෝජකයෝ කැඳවා සොයා බලන්න. එහෙම  ලැබෙනවා නම් ඉතාම හොඳයි. ඒ ක්ෂේත්‍රයන් සඳහා එන්න දෙනවා කියලා  කියනවා නම්, ඒ ගැන ස්තූතිවන්ත වෙනවා යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

Malik

විදෙස් ආයෝජනවල වර්ධනයක් තියනවා. 2018 ඩොලර් බිලියන 2.9 ක ආයෝජන ඉලක්කයක් තියනවා - මලික් සමරවික්‍රම 

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය ඊයේ  (22)පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අවස්ථාවේ  සංවර්ධන  උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කර සිටියේ සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ කර තිබෙන නමුත් 2017 වසරේ සෘජු විදේශ ආයෝජන  ඩොලර් බිලියන 1.9 ක් රටට ගෙන ඒමට ආණ්ඩුව සමත්වූ බවය. එසේම  මේ වසරේ විදෙස් ආයෝජන  ඩොලර් බිලියන 2.9 ක් ලබාගන්න අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන්  2018 වසරේ  ආයෝජන මණ්ඩලය ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘති අත්සන් කර ඇති බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මලික් සමරවික්‍රම අමාත්‍යවරයා, 

අපනයනයට හිතකර පරිසරයක් උදා වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසර තුනේ මේ ආණ්ඩුවේ  ආර්ථික දක්ම අනුමත කරන බව පේනවා. 2030 එතුමාගේ ආර්ථික දැක්ම 2025 අපේ ආර්ථික දැක්මේ කොටසක් කියලා පේනවා. අපි දියුණු අර්ථිකයන් සමඟ ගිවිසුම් අත්සන් කරනවා. ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරගැනීම අරමුණයි. ආර්ථිකය සංවර්ධනය ඒ සඳහා කළ යුතුයි. මේ රට දූෂණයෙන් තොර රටක් කළ යුතුයි. ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට උපදෙස් අරගෙන නෑ කියනවා. 

දේශීය ආදායම්වලට බලපෑම් වෙනවලු. අපි ආයෝජන දිරිමත් කරමින් නිෂ්පාදන ක්ෂේත්‍රයට අගය එකතු කරමින්  මේ ගිවිසුම අත්සන් කළේ. මේ ගිවිසුමට කැබිනට් අනුමැතියක් අරගෙන තිබෙනවා. වෘත්තිකයන්, කාර්මික ක්ෂේත්‍රයන් සමඟ සාකච්ඡා කරලයි ගිවිසුම් අත්සන් කරන්නේ. ඉදිකිරීම්, කොම්පියුටර්, නාවික ක්ෂේත්‍ර සමඟ සාකච්ඡා කර උපදෙස් ලබාගත්තා. විදේශිකයන් මෙරටට පැමිණීමෙන් මේ රටේ වෘත්තිකයන්ට අවස්ථාව නැතිවෙනවා කියනවා. එසේ වෙන්නේ නෑ. සිංගප්පූරු පුරවැසියන්ට වෘත්තීය අවස්ථාවන්ට මෙහෙ බැදෙන්න බෑ. ජනතාව පැමිණෙන්නේ නැති වෘත්තීය අවස්ථා පමණයි දෙන්නේ නෑ. ඉංජිනේරුවන්ට ගෘහනිර්මාණශිල්පීන්ට පැමිණෙන්න බෑ. වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන කරනවා. මෑන් පවර් කොම්පැණියක් අනුමත කර නෑ.  ආයෝජකයන් නම් පමණයි යම් සහනයක් ලැබෙන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

bandula 770බන්දුල දිගින් දිගටම විකෘති ප්‍රකාශ සිදුකරනවා. දැන් ඔහු කල් ඉකුත්වූ ආර්ථික විද්‍යා ටියුෂන් ගුරෙක් පමණයි -  වෙළඳපොළ ආර්ථික විශ්ලේෂකයින්

කෙසේ වුවත් පසුගිය සමයේ මාධ්‍ය සාකච්ජා පවත්වමින් ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය නමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කර සිටියේ සිංගප්පුරු - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම හරහා විදෙස් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින බවය.

බන්දුල මන්ත්‍රීගේ ප්‍රකාශය අමු අසත්‍යක් බවත් ආයෝජනය වෙනුවෙන් ඊට අදාළ ව්‍යාපෘතියේ සේවය කිරීමට පමණක් එසේම ඔවුන්ට වෙනත් කිසිඳු බාහිර තැනක වැඩ කිරීමට නොහැකි පදනමින් අත්‍යාවශ්‍ය ශ්‍රමිකයින් ගෙන්වීමට අවස්ථාව හිමිවන බව විෂය භාර අමාත්‍ය මලික් සමරවික්‍රම සඳහන් කළත් බන්දුල මන්ත්‍රී දිගින් දිගටම සිය අසත්‍ය ප්‍රකාශය මාධ්‍ය හමුවේ පවසමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරතව සිටියි.

මේ බව පෙන්වා දෙමින් වෙළඳපොළ ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ මහින්දානන්ද මන්ත්‍රීවරයා ආර්ථික විද්‍යාව සම්බන්ධව ටියුෂන් ගුරුවරයකු හෝ ප්‍රමාණික උගතෙක් නොවුවත් ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව සත්‍ය පවසා ඇති බවය.

විදෙස් ආයෝජකයින් රටකට එන්නේ 50:50 හෝ ලාභ අපේක්ෂාවෙන් බවත් ඒ පසුබිමේ අවශ්‍ය ශ්‍රම සම්පත ඔවුනට නොමැති නම් එය විදෙස් රටකින් සපුරා ගැනීම ආයෝජනය සිදුවන රටට ගැටළුවක් නොවන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව බන්දුල සිය ටියුෂන් ආර්ථික ගුරු වෘත්තීය පවා බාල්දු කරගෙන ඉතා පහත ආකාරයට ජනතාව නොමඟ යවමින් සිටින බවත් ඔහු වැනි අයෙකු මෙතරම් පහතට වැටීම පෙන්නුම් කරන්නේ ආර්ථික කාරනා අරඹයා බන්දුලගේ කල් ඉකුත්වීම බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.