කොත්මලේ,බස්රථ අනතුරින් ජීවිත රැසකගේ දිවි අහිමි වෙයි : අනතුරින් මිය ගිය අයට වන්දි

කොත්මලේ,බස්රථ අනතුරින් ජීවිත රැසකගේ දිවි අහිමි වෙයි  : අනතුරින් මිය ගිය අයට වන්දි

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර කාන්තාවන් 05 දෙනෙකු වන බවයි.

ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව, 50 ඉක්මවයි.

අද උදෑසන එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කුරුණෑගල සිට කතරගම බලා ධාවනය වූ ලංගම බස් රථයක්.

තුවාල ලැබූ 59 දෙනෙකු, කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව, එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, ඉන් 22 දෙනෙකු වෙනත් රෝහල්වලට මාරු කර යැවූ බවයි.

ඒ අනුව තුවාල ලැබූ 29 දෙනෙකු ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබයි.

නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති තුවාලකරුවන් සංඛ්‍යාව, 14 ක්.

නාවලපිටිය රෝහලේ 04 දෙනෙකු සහ පේරාදෙනිය රෝහලේ දෙදෙනෙකු ප්‍රතිකාර ලබයි.

ප්‍රපාතට පෙරලුනු බස් රථයේ සිටි පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

පොලීසිය සඳහන් කළේ, දැඩි පරිශ්‍රමයක් යොදා තුවාලකරුවන් මුදාගනිමින් සිටින බවයි.

තවත් කිහිපදෙනෙකු මුදා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව ද, පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් ගැරඬිඇල්ල ප්‍රදේශය බලා පිටත් කර යවා ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන  අනතුර සිදුවූ ස්ථානයට ගොස් තිබේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

බස් අනතුරින් මිය ගිය අයට වන්දි

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න