අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඇප මත මුදා හරියි

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඇප මත මුදා හරියි

පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු හතක් නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ  අද (11) නියෝග කළාය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට අදාලව මුදල් ගෙවීම් සිදුකළ වාර්තා ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට නියෝග කළේය.

පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු හතක් නිකුත් කර තිබෙන බව වැලිකඩ පොලිසිය සදහන් කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කළේය.

වැලිකඩ පොලිසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක්ද, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බව වැලිකඩ පොලිසිය තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ බවත් පැවසුහ.

මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවා දායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත් එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් නීතිඥවරු දැනුම් දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න